Welenda Sevaya FM Sri Lanka

දැක්ම

ශ්‍රී ලාංකේය වාණිජ ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවර ඉටු කිරීම

මෙහෙවර

ජාතික ගුවන්විදුලියේ ප්‍රධාන මෙහෙවර සමග ඒකාබද්ධ වෙමින් සංස්ථාවේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම.

1925 ඇරඹි ලංකා ගුවන්විදුලිය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත වීමත් සමඟ ස්වදේශීය ගුවන්විදුලි සේවාවක් ඇරඹුණි. ඉන්පසු කල්යත්ම වෙළෙඳ ගුවන්විදුලියක අවශ්‍යතාව පැණ නැගුණි. එය එසේ වන්නේ ස්වදේශීය සේවය විසුරුවා හළ ගීත සහ වැඩසටහන්වල ගැඹුරු සහ සාරගර්භ බව පොදු රසිකයාට සමීප කිරීම ගැටලුවක් සේ දුටු බැවිනි. එහෙත් ගුවන්විදුලි සේවාවක් යනු ශ්‍රාවකයා සබුද්ධික කරනු විනා ඔහු සරල රුචිකත්වයකට හුරුකිරීම නොවන්නක් විය යුතු බවට එවක මතවාදයක්ද ඇතිවුණි.

Welenda Sevaya FM

කෙසේ වෙතත් ඉන් අනතුරුව Commercial English Service නමින් ඉංග්‍රීසි ගුවන්විදුලි සේවාවක් ආරම්භ කිරීමට එවක ගුවන්විදුලියේ සිටි ඕස්ට්‍රේලියානු ජාතික Clifford R. Dot මහතා තීරණය කළේය. Prosper Fernando, Great Foskey, Gimmy Bharucha එහි ආරම්භක නිවේදකයෝ වූහ. ඉංග්‍රීසි බසින් වැඩසටහන් ප්‍රචාරය වුවද, Prosper Fernando මහතා දිනකට පැය භාගයක ගුවන් කාලයක් සිංහල බසින් ප්‍රචාරය කළේය.

කල්යත්ම සිංහල වෙළෙඳ සේවයක අවශ්‍යතාව පැණ නැගුණි. එවක ඉන්දියානු හින්දි චිත්‍රපටි රැල්ලක් රට පුරා ප්‍රචලිත වූ බැවින් මේ අවශ්‍යතාව තවත් තීව්‍ර විය. සිංහල වෙළෙඳ සේවයේ ප්‍රථම නිවේදකයා ආරියදාස පීරිස් මහතාය. මේ වකවානුවේ වෙළෙඳ සේවයට වෙළඳ දැන්වීම් සොයාගැනීම ගැටලුවක් විය. මන්දයත්, එවක මේ රටේ වෙළෙඳ ප්‍රජාවට පුවත්පත් දැන්වීම් ගැන මිස ගුවන්විදුලි ප්‍රචාරය ගැන කිසිදු අවබෝධයක් නොතිබූ බැවිනි. කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල, නන්දා ජයමාන්න, ගැමුණු විජේසූරිය වැනි නිර්මාණශීලී නිවේදකයෝ වෙළෙඳ සේවයට එක්වෙති. ගුණතුංග කේ. ලියනගේ වෙළෙඳ සේවයේ ප්‍රථම ස්ථීර නිවේදකයා බවට පත් වේ. චන්ද්‍රා වයමන්, ශ්‍රීපාලි වයමන්, ලැඩී රණසිංහ, ශ්‍රීමා රාජකරුණා සෙසු නිවේදකයෝ වූහ. කේ.ඒ.ඩබ්. පෙරේරා මහතා පිටපත් රචකයෙකු ලෙස එක්විය. මේ අවධියේ වෙළෙඳ සේවය වැඩි ඉඩක් ලබා දුන්නේ හින්දි ගීත සඳහාය. පසුකාලීනව මීට එක්වූ ආරියසේන මිල්ලවිතානාරච්චි, රංජිත් පීරිස්, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, රත්නා ලංකා අබේවික්‍රම, දයා ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන, සුමනා නෙල්ලම්පිටිය, ආරියසිරි විතානගේ වැනි නිවේදකවරු වෙළෙඳ සේවය නව මානයක් කරා යොමු කළහ.

මැලිබන් ගුවන් තොටිල්ල, පිබිදෙන ගායක පරපුර වැනි එවක අති ජනප්‍රිය වැඩසටහන් බිහිවිය. මේ වකවානුවේ ගුවන්විදුලියේ වෙළෙඳ අංශයේ අධීක්ෂණ කටයුතු භාරව ක්‍රියා කළේ ලිවී ආර්. විජේමාන්න මහතායි. වෙළෙඳ සේවය සඳහාම ගීත නිර්මාණය මේ යුගයේදී සිදුවිය. Commercial Radio Ceylon හෙවත් CRC නාමකරණයෙන් හැඳින්වූ එම ගීත සඳහා වෙනමම තැටි ගබඩාවක්ද බිහිවිය. ජමුනා රාණි, ජී.එස්.බී. රාණි පෙරේරා, වී. වර්ධරාජා, එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ධර්මදාස වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, එම්.එස්. ප්‍රනාන්දු 60 දශකයේ වෙළෙඳ සේවය ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවෝ වූහ.

මෙරට චිත්‍රපට කලාවද ජනප්‍රිය තලයකට ගෙන ඒමට දායක වූයේ වෙළෙඳ සේවයයි. ඉන්පසුව, නිවේදකයන් ලෙස කුසුම් පීරිස්, තිලකා රණසිංහ, මාලනී වෙත්තසිංහ, ධම්මික පී. රත්නායක, ජයන්ත පීරිස්, ජයම්පති රූපසිංහ, ජයන්ත රෝහණ, කුමුදු සෙනෙවිරත්න, දමයන්ති නානායක්කාර, ප්‍රේමනාත් ජයතිලක ආදීහු එක්වූහ. කල්යත්ම, වෙළෙඳ සහ ස්වදේශීය යන නාලිකා සඳහා නිවේදකයන් වර්ගීකරණයකින් තොරව යෙදවිණි. එසේ සිදුවන්නේ 80 දශකයේ මැද භාගයේ සිටයි. චන්දන තිලකරත්න, චිත්‍රා කුමාරි කලුබෝවිල, හෙන්රි සෙනෙවිරත්න, ස්වර්ණ ගුණවර්ධන, පුණ්‍යා කුමාරි ලොකුලියන, අශෝක කරුණානායක, මයුරි අබේසිංහ, අජිත් ඉන්ද්‍රජිත් විජේසේන, සුජීව හරිස්චන්ද්‍ර නිවේදකයන් ලෙස ඊළඟ පරපුරට එක්වූහ. වසන්ත රෝහණ, ගාමිණී මෙරින්නගේ, සේන වික්‍රමාරච්චි, ගාමිණී මලවැන්නගම, විපුල් ධර්මප්‍රිය යන අය ඉන් පසුවද වර්තමානයේ පූර්ණ කාලීන නිවේදකයන් ලෙස සම්පත් සල්පිටිකෝරාළ, දිනූෂා වෙත්තසිංහ, ඉනූෂා වීබැද්ද සහ ශාන්ත කුමාර යන අය දැනට වෙළෙඳ සේවයේ නිවේදක නිවේදිකාවෝ වෙති. මෙරටේ වෙළෙඳ ප්‍රජාවට 60 වසරක් පුරාවට විශිෂ්ට සේවාවක් ඉටුකර ඇති වෙළෙඳ සේවය මේ වන විට ඉහළ ශ්‍රාවක ප්‍රතිචාර ලබමින් ස්වකීය වැඩසටහන් ඉදිරිපත් කරයි. 94.3 ත්‍ඵ හා 94.5 ත්‍ඵ සංඛ්‍යාත ඔස්සේද, අන්තර්ජාලය හරහාද ලොව කොතැනක සිටියත් වෙළෙඳ සේවයට සවන් දිය හැකිය.

  • වෙළෙඳ සේවයේ වැඩසටහන් ප්‍රධාන ආකාර 04ක් යටතේ ඉදිරිපත් කරයි.
    • සමාජ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීම.
    • ශ්‍රාවකයන්ගේ සස් රසවින්දනය සඳහා වැඩසටහන් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීම..
    • නව ශ්‍රාවකයින් ග්‍රහණය කරගත හැකි අයුරින් නිර්මාණශීලි වැඩසටහන් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීම
    • සේවාදායක වැඩසටහන් වශයෙනි.
    • විකාශය ආරම්භයේ සිට පෙ.ව 07.00 දක්වා සමාජ සංස්කෘතික වටිනාකම් විදහා දැක්වෙන වැඩසටහන් සඳහා ඉඩහසර වෙන් වී ඇත.
  • පසුව දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය දක්වා සලරූ සේයා, මධුරසාංග වැනි ඉතා ජනප්‍රිය ගීතමය වැඩසටහන් ප්‍රචාරය වේ.
  • දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පසු අසන්නන්ගේ ඉල්ලීම් සඳහා ගුවන්කාලය වෙන්වන අතර පසුව කාන්තා වැඩසටහන් ප්‍රචාරය වේ.
  • ඉන්පසුව හින්දි ගී වැඩසටහන් සහ ක්‍රීඩා වැඩසටහන් සඳහා ඉඩ වෙන් වේ.
  • දවසේ සේවය නිමවී නිවෙස් බලා යන ශ්‍රාවකයින් ඉලක්ක කර ගනිමින් සන්ධ්‍යා වැඩසටහන් ප්‍රචාරය වේ.

SLBC Tamil National Service Contact

SRI LANKA BROADCASTING CORPORATION
No. 574, Torrington Square,
Colombo 07,
Sri Lanka.
Phone: +94 11 269 7491-95, +94 112 689427
email: [email protected]

http://itsed.info/

Welenda Sevaya FM Sri Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to top